
“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවතුණා.
“ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ.
රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ සඳහා අයවැයෙන් බිලියන 85 ක් වෙන් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා.