“සෑම පුරවැසියකුටම තම භාෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සලසාදීම රජයේ වගකීමක්” බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කළාය.
ඔහු මෙම අදහස පළ කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එය රාජ්‍ය භාෂා දිනය සහ එයට අදාළ වැඩසටහන් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ උත්සවයකි.
ජූලි 01 සිට 07 දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එය මුලතිව් දිස්ත්‍රික්කය මූලික කරගෙන ක්‍රියාත්මක කෙරෙන බවත්, ජාතික සමගිය පදනම් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
