117 views 0 secs 0 comments

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප…..

In Local News
November 13, 2023

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 10 වැනිදා රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ ය.

දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ලබා දෙන, වාර්ෂික පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරිම වෙනුවෙන් අධිකාරියේ සභාපතිවරයා පැමිණිලිකරුගෙන් එම මුදල ඉල්ලා තිබෙන අතර එම මුදල අතරමැදියන් දෙදෙනෙකු මගින් ලබා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ,

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.