Connect with us

Local News

නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි..

Published

on

නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.

පසුගිය අරගල සමයේ, අතුරු සිදුවීමක් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කරමින් සජීවීකරණයට පත් කිරීමට කතුවරයා මෙම නිර්මාණය තුළ වෙහෙස දරා ඇත. කල්පිත නිර්මාණයක් ලෙසින් කතුවරයා විසින් ම හඳුන්වා දෙන මෙම නිර්මාණයේ දී අරගලකරුවන්ට අරගල භූමියේ දී ඖෂධ ලබාදුන් වෛද්‍යවරයෙක් සහ සහායකයින් තිදෙනෙකු ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රඳවා තබා ගැනීම, එහි දී අනේක විධ දුක් ගැහැට ඔවුන්ට විදීමට සිදුවීම ආදී අතිශය සංවේදී සහ අනුවේදනීය සිදුවීම් මාලාවක් මෙම නවකතාවට පාදක වී ඇත.

නිහාල් පී ජයතුංගයන්ගේ නවකතා කිහිපයක් ඉංශ්‍රීසි සහ දෙමළ භාෂාවන් ට ද පරිවර්තනය කර ඇති අතර, සිනමා නිර්මාණ කිහිපයක් සඳහා ද පාදක වී ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්