රාජ්‍ය භාෂා දිනයට සමගාමීව ජූලි 1 සිට 5 දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා මේ බව සඳහන් කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.
ඔහු පැවසුවේ, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍ය සේවාවන් භාවිත කළ හැකි පරිසරයක් උදා කිරීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
2019 ජුනි 12 සිට ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා චක්‍රලේඛය අනුව විවිධ ක්ෂේත්‍රවල භාෂා සමානාත්මතාව ඇති කිරීමේ කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
මෙම සතිය සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
