
ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අදාළ ආධාර ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි .තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් මිලියන 12 ඉක්මවන වෛද්‍ය ආධාරයන් පසුගිය සතිය තුළ අමෙරිකානු සංවිධානවලින් ලබා දී ඇති බවයි.