735 views 0 secs 0 comments

ඇමති බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට…

In Local News, Politics
December 07, 2020

මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් තහනම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඉවත් කරනු ලැබී ය.

අද දින මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය තෙමසක කාලයක් සඳහා පනවා තිබූ  විදෙස් තහනම අද දින ඉවත්කර කිරීමට නියෝග කළේ ය.