381 views 0 secs 0 comments

ජනතා අධිකරණය තුළ ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත – සජිත් ප්‍රේමදාස

In Local News, Politics
September 13, 2021

කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙම කාල වකවානුව තුළ වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවත්, ඊට හේතුව මෙරට නායකත්වයේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා.

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරාගත නොහැකි ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම නිසා රට සාගතයෙන් පෙළෙන අතර පෝලිම් යුගයක්ද බිහිවෙමින් පවතින බව එතුමා සඳහන් කලා.

ජනතාව මුහුණදී සිටින අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ඔවුන් ගලවාගැනීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු අතර එසේ නොවන්නේ නම් ජනතා අධිකරණයකදී ආණ්ඩුවේ ඉරණම තීන්දුවීම වැළැක්විය නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.