
බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි ඉකුත් 5වැනිදා උපත ලැබූ දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා වේ.
බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගැනීමත් සමඟ බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.