
මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර එට්තුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.
මේ අතර මන්ත්‍රී කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව අද උදෑසන එහි ප්‍රධාන ලේකම්වරයා පැවසී ය.