194 views 0 secs 0 comments

සිසුවෙකුට ගිනි තැබූ මත් ලෝලියා..

In Local News
November 29, 2022

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ.

උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාරාතා වූ අතර මේ වන විට පාසල් සිසුවා රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය පැවසුවේය.