
රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (07) පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරතවී තිබෙනවා. එම පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වූ අතර ඉන් අනතුරුව මහජන රැස්වීමක්ද සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.
මේ අතර අද දිනයේ පවතින අර්බුදයට සහ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් කොළඹ, කළුතර, ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා.

