191 views 0 secs 0 comments

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි..

In World News
July 07, 2022

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්සේ වුවද එළඹෙන ඔක්තෝබරයේ නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු අගමැති ධුරයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික ගැටළු හා කරුණු කිහිපයක් මුල්කරගනිමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කැරැල්ලක් දියත් කළ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයද ඉදිරිපත් වුණා.

දෝෂාභියෝගයට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සාර්ථකව මුහුණ දුන් අතර ඔහු ඊට පසුද අග්‍රාමාත්‍යධුරයේ දිගින් දිගටම කටයුතු කලද ඔහුගේ රජයේ අමාත්‍යවරුන් රැසක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර එල්ලවන පීඩනය හමුවේ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් හා පසුව අග්‍රාමාත්‍යධූරයෙන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.