සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බව පෙන්වා දෙන ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා තීරය තුළ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිටියා.
එමෙන්ම මෙය යුද්ධය සදහා කාලය වන බව බයිබලය උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ අධාර ආයතනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී මෙලෙස මානුෂීය සටන් විරාමයක් වෙනුවෙන් නැවත ඉල්ලීම් කර තිබිණි.
