Connect with us

world-news

සෞදි අරාබිය තාවකාලික වීසා තහනමක්…

Published

on

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති අතර ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි.

සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවයි. මෙම තට්වය අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බවත් සඳහන්.

එමෙන්ම ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව වාර්තා වී තිබේ.

මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසත එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවටත් බලධාරීන් වීසා අයැදුම්කරුවන්ට අනතුරු අඟවා තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

world-news

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් දැවැන්ත විනාශ…

Published

on

By

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත.

බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

කිලෝමීටර් 8ක ගැඹුරකින් ඇතිවූ මෙම භූකම්පනයෙන් කාබුල් සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය ද සෙලවී ගොස් තිබුණි.

ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් මේ වන විට සහන සලසා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල්ද ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන්නේ එරට ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථානයක පිහිටා ඇති බැවිනි. 2023 සහ 2022 වසරවලද එරට සිදු වූ භූකම්පනවලින් දහස් ගණන් මරණ සහ තුවාල වාර්තා වී තිබුණි.

Continue Reading

ප්‍රවණතාවන්