Connect with us

world-news

ට්‍රම්ප්ගේ බදු ගැන රටවල් රැසක් සාකච්ඡාවක…

Published

on

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට අමෙරිකාව සමඟ සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පදනම්ව එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ දරා ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතා වෙළෙඳ සාකච්ඡා සඳහා වොෂින්ටනයට පිටවීමට නියමිත බවටද වාර්තා පල වී තිබේ.

ට්‍රම්ප්, ඉකුත් බදාදා දී තීරුබදු පනවන බව නිවේදනය කළ අතර, අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කිරීන බව වියට්නාමය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම කාම්බෝජයද එක්සත් ජනපද නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා ඇති අතර ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සමඟ ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව් ප්‍රකාශ කර සිටී

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ට්‍රම්ප්ගේ තීරුබදු තීරණය අමෙරිකානු අධිකරණයකින් අත්හිටුවේ

Published

on

By

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ගිය දැඩි තීරුබදු තීරණයක් එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ඊයේ (28) නිකුත් කළ නියෝගයකින් මෙම තීරණය ගෙන ඇති අතර, එය ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි ආපදායක් ලෙස සැලකෙයි.

අධිකරණය විසින් දක්වා ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයටම විදේශවෙළඳ නීති හා නියාමන පිළිබඳව සුවිශේෂී බලය ලබා දී ඇති බවත්, ජනාධිපතිවරයාට ආර්ථික ආරක්ෂාව සඳහා පනවන හදිසි නීති මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය ක්‍රියාත්මක කළ හදිසි නීතියක් මත පදනම්ව ජනාධිපතිවරයාට එක්සත් ජනපදය සමඟ ව්‍යාපාර කරන සියලුම රටවල්ට තීරුබදු පනවීමට ඒකපාර්ශ්වික බලය හිමි නොවන බවත්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ද අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය වහාම අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

Continue Reading

world-news

ඇමරිකාවේ සිටින චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමට සූදානමක්…

Published

on

By

අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන ශිෂ්‍යයින් රැසකගේ වීසා අවලංගු කිරීමට අමෙරිකානු පරිපාලනය විසින් පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙම තීරණය ගෙන ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇතිවීම හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල (උදාහරණයක් ලෙස තාක්ෂණය හා ආරක්ෂාව) ඉගෙනුම් ලබන සිසුන් සම්බන්ධයෙන් බවය.

මෙම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ, ඉදිරියේදී චීන සහ හොංකොං ශිෂ්‍යයින් විසින් ඉදිරිපත් කරන ශිෂ්‍ය වීසා අයදුම්පත් වැඩි පරික්ෂාවකට ලක්වනු ඇති බවය.

එමෙන්ම අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තුරු ශිෂ්‍ය වීසා සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවා ඇති අතර, එම තීරණය අදාළ වීමෙන් හෙට දිනයේ නව වීසා අවලංගු කිරීම් සම්බන්ධ තීන්දුවත් ප්‍රකාශයට පත්වීම විශේෂත්වයකි.

Continue Reading

world-news

හදිසියේ ගොඩබැස්වූ එංගලන්ත ගුවන් යානය…

Published

on

By

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය පියාසර ආරම්භ කළ සමගම එන්ජිමක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුව ඇති බවද වාර්තා වෙයි.

අදාළ ගුවන් යානයේ මගීන් 70 දෙනෙකු සිටි අතර ඔවුන් සියල්ලන්ම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

Continue Reading

ප්‍රවණතාවන්