186 views 0 secs 0 comments

කොවිඩ් වැළඳුනු රාහුල් ගාන්ධි….

In World News
April 20, 2021

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටී.
50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමුව තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං කොවිඩ් නයින්ටීන් ආසාදනයට ලක්ව දැඩි උණ රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඔහු කොවැක්සින් කොවිඩ් මර්දන එන්නතෙහි මාත්‍රාවන් දෙකම ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.