157 views 0 secs 0 comments

නවසීලන්තයේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි….

In World News
July 20, 2023

ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී පාපන්දු ක්‍රීඩිකාවන් බහුතරයකගේ නිවාස පිහිටි ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුවීම පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් හෝ දේශපාලනික අතපෙවීමක් බවට මූලික විමර්ෂණවලින් තහවුරු නොවූ හෙයින් සැලසුම් කළ පරිදි ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරග පැවැත්වීමට කටයුතු කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කළේ ය.