691 views 0 secs 0 comments

හෙවිවේට් බෝක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි..

In World News
February 08, 2021

වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිඳි ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.
67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා මෙලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ ඔහු 1978 වසරේදී හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමග කාගෙත් කතාබහට ලක්වුණි.