
කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, මෙය බිහිසුණු සහ හද කම්පා කරවන ප්‍රහාරයක් බවයි.