188 views 0 secs 0 comments

ඉන්දියාවෙන් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයන් ගණන…

In World News
April 22, 2021

ඊයේ (21) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,802ක් බවත්, කොවිඩ් මරණ 2,102ක් සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
එක් දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ ගණන මෙය බවද වාර්තා වේ.

පෙරේදා දිනයේ ද ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 294,290ක් ලෙස වාර්තා වු අතර කොවිඩ් මරණ 2,091 ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 15,924,806කි.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 184,672ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.