67 views 1 sec 0 comments

උත්තරාකන්ද් ප්‍රාන්තයේ හදිසි ජලගැලීමක් – ජීවිත 4ක් අහිමිවී පුද්ගලයින් 50ක් අතුරුදන්

In World News
August 05, 2025

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයකට දැඩි වැසි සහිත කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් නිවාස සහ වාණිජ ස්ථාන රැසක් විනාශවී තිබේ.

මෙම ජලගැලීමෙන් විශේෂයෙන් දැඩි හානි සිදුවී ඇත්තේ ධරාලි නගරයේ හෝටල් සහ අවන්හල් බහුලව පවතින ජනාකීර්ණ ප්‍රදේශයකි.

සිද්ධියෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සොයා දැඩි ගැඹුරු Kurt rescue මෙහෙයුමක් ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.