52 views 0 secs 0 comments

ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය….

In Local News
August 05, 2025

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව ඇත.

මෙම පනත මඟින් සියලු ආකාරයේ ළමා අපයෝජන වැළැක්වීම, එවැනි අපයෝජනවලට ගොදුරු වන ළමයින් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යභාරය සපුරාලීමට 1998 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලදී.

කෙසේවෙතත් වසර 25 කට ආසන්න කාලයක් ගතවීමත් සමඟ, සමාජීය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වෙනස්කම්වල බලපෑම නිසා ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන වඩාත් සංකීර්ණ ස්වභාවයක් ලබාගෙන ඇති බවත්, පවතින නීති රීති ඒ සඳහා නොහැකියාවෙන් පසුවන බවත් අවධාරණය කරයි.

එමනිසා, පනත සංශෝධනය කර ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීම, ප්‍රතිචාර දැක්වීම සහ නීතිමය පියවර ගන්නා ක්‍රමවේද වඩාත් සකස් කරන අයුරින් නව යෝජනා සකස් කර තිබේ.

මෙම සංශෝධන ක්‍රියාවලිය අරමුණු කරගනිමින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.