179 views 0 secs 0 comments

දිස්ත්‍රික්ක 12කට අධි අවදානම් කාලගුණ නිවේදනයක්.

In Local News
August 02, 2022

දිස්ත්‍රික්ක 12කට තද වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම දැඩි කාලගුණය අද පෙරවරු 08.30 සිට හෙට (3) පෙරවරු 08.30 දක්වා පැය 12ක කාලයක් ක්‍රියාත්මක වේ.
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.