
ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාව සඳහා විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙන අතර එම නීතිය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම මේ සම්බන්ධයෙන් වන නීතිය කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථානවලටද තලෙබාන් සංවිධානය විසින් දැනුම්දී තිබෙනවා.