
ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 01 දා සිට නැවත රට විවෘත කිරීම සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෑම අංශයක්ම තමන්ගේම සැලසුම් සකස් කිරීමේ නිරතව සිටින බව ඔහු සඳහන් කළේය.
මේ අතර රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සඳහා වන ක්‍රියා පටිපාටි පිළිබඳ සාකච්ඡා අද (27) සිදු කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.