222 views 0 secs 0 comments

විදුලි බිල් ගෙවන්නැයි විදුලිබල ඇමතිගෙන් ඉල්ලීමක්….

In Local News
September 16, 2021

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එතුමා සඳහන් කලා.

“තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා. දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. 12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව. අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි.”