195 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
September 16, 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 497,805ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ (15) දිනට තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් ඇත.