150 views 0 secs 0 comments

ලොව විශාලතම මගී ගුවන් යානය මෙරටට…

In Local News
March 05, 2023

අද (05) අලුයම ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ 380 – 800 වර්ගයේ යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

EK 449 දරණ එම ගුවන් යානය, නවසීලන්තයේ ඔක්ලන්ඩ් සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

කටුනායක ගුවන් තොටුපළෙන් යානය ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය, ලීටර් 62,800 කි. මෙම ඉන්ධන තොගයේ වටිනාකම, රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් පමණ වේ.

ලොව විශාලතම මගී ගුවන් යානය එලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණි 3 වැනි අවස්ථාව මෙය බව වාර්තා වේ.