
දෙසැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය යම් ලාභයක් ලබන්නේ නම්, අප්‍රේල් මාසයේදී එම ලාභය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පවතින වැසි තත්ත්වය අනුව, ධනාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන අතර, විදුලි ගාස්තුව නැවත තක්සේරු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.