අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩි කරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම වෙනුවෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර මෙම විරෝධතා දහවල් කෑම පැය තුළ පැවති අතර මේ සඳහා රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් එක්වසිටි බව වාර්තා වේ.
