203 views 0 secs 0 comments

අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මලාවක් නිකුත් කෙරේ.

In Local News
December 01, 2021

ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි.

ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තර​ඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත.

විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව තිබෙනවා. විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් කර තිබෙනවා.

උත්සවශාලාවල පැවැත්වෙන පුද්ගලික උත්සව සදහා
උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි අතර නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කට සිමා කර තිබෙනවා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පම​ණක් උපකාරක පංති පැවැත්විය හැකි අතර, එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ