715 views 0 secs 0 comments

උත්සව සමයේ ඇඳිරිනීතිය….

In Local News
December 22, 2020

අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,
“අපි මේ අවස්ථාවේ දී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතියක් පනවන්න හෝ අපි දැනට පනවපු නැති ප්‍රදේශවල අත්‍යාවශ්‍යතාවයක් හැරුණු කොට හුදකලා කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් එක්කම සංචරණ සීමා පැනවීමට අවශ්‍ය නෑ. නීති පැනවීමට අවශ්‍ය නෑ. රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. විශේෂයෙන් මේ ගැන අධ්‍යයන කරලා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගනී. ජනාධිපතිවරයාගේ උපදෙස් මත. මේ වෙලාවේ දී සංචරණ සීමාවක් පැනවීමට අවශ්‍යතාවයක් නෑ. ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට කටයුතු කරනු ලබනවා.