159 views 2 secs 0 comments

විදුලි බිල් ගාස්තු ඉහලට..

In Local News
August 09, 2022

හෙට (10) සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(ඵ්UCSළ්) අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,
0 – 30 ත් අතර ඒකක සඳහා 264% කින් ද
31- 60 ත් අතර ඒකක සඳහා 211% කින් ද
61- 90ත් අතර ඒකක සඳහා 125%කින් ද
91- 120 ත් අතර ඒකක සඳහා 89%ක් ද
121 – 180ත් අතර ඒකක සඳහා 79 %කින්ද මිල වැඩි වනු ඇති.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදීපැවසුවේ, ලක්ෂ 78 ක් වූ මෙරට විදුලි පාරිභෝගිකයින් අතරින් ලක්ෂ 67 ක් ම ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් බවයි.

ඒ්කක 30 ට වඩා අඩු විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 14ක්, ඒ්කක 60 පමණ පාවිච්චි කරන පාරිභෝගිකයින් ලක්ෂ 17ක් සහ ඒ්කක 90 ක් පමණ භාවිත කරන පාරිභෝගිකයින් ලක්ෂ 17ක් පමණ සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.