90 views 0 secs 0 comments

තෛපොංගල් උත්සවය අදයි….

In Local News
January 14, 2025

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මෙම උත්සවය, සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම විශේෂත්වයක් ගනී.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.