100 views 0 secs 0 comments

සමාජ මාධ්‍ය තුලින් එන ව්‍යාජ කෙටි පණිවිඩවලට පුද්ගලික තොරතුරු ලබා දෙන්න එපා – TRC

In Local News
January 08, 2025

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් සිටි අතර අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළාය.