95 views 0 secs 0 comments

HMPV ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා – ජූඩ් ජයමහ

In Local News
January 07, 2025

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බවත්, එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දී සිටියා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා, සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතිය මෙම රෝගයෙහි ලක්ෂණ ලෙස පෙන්නුම්කරන බව පැහැදිලි කළේය. ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත් වී නියුමෝනියාව තත්ත්වයට පත්වීමට හැකියාව ඇති බව එතුමා පෙන්වා දුන්නා

කෙසේ වුවද එය කලාතුරකින් සිද්ධ වන අතර එය සෑම පුද්ගලයෙකුටම අදාල නොවන බවත්, එය මාරාන්තික වීමේ සම්භාවිතාව අඩු බවත් එතුමා අවධාරණය කර සිටියා.

එමෙන්ම දවස් කිහිපයක උණ, කැස්ස හෙම්බිරිස්සාවෙන් පසු මෙය සුව අතට හැරෙන අතර එය පරීක්ශණ කිරීමේ අවශ්‍යතාවයක් නොවන බවද එතුමා පැහැදිලි කරන ලදී.