ජංගම දුරකථන හා උපාංගවල මිල ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවයි.
