203 views 0 secs 0 comments

කැළණි ගඟෙන් සොයාගත් මළසිරුරේ අන්‍යතාවය සොයා ගැනේ…

In Local News
June 26, 2021

අද (26) පස්වරුවේ නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගසන ලද පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබූ බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එම සිරුර හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකු ලෙස කටයුතු කළ 54 හැවිරිදි අයෙකුගේ බව හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයා කුලි නිවසේ වසරක පමණ කාලයක් සිය අනියම් බිරිඳ සමඟ පදිංචිව සිට ඇති නමුත් ඔහු හල්දුමුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවද අනාවරණය වී ඇත.