ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා.
හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවයි.
අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව කොළඹ “ගෝඨා ගෝ ගම” විරෝධතා භූමියට පැමිණි අතර, මෙම විරෝධතාවලට සහය පළ කරමින් අම්බලන්තොට නගරයේ කඩ සාප්පු රැසක් ද වසා දමා තිබුණා.මීට අමතරව අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව “ගෝටා ගෝ ගම” ශාඛාවක් ද විවෘත කළහ.
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පොළොන්නරුවේ ගොවීන් විරෝධතාවකද නිරත වුණා.
කිසිදු අර්බුදයකට ගොදුරු නොවී සාමකාමීව ජීවත්වීමට තමන්ට අයිතියක් ඇති බව පවසමින් පුත්තලම ප්‍රදේශයේ ජනතාවද විරෝධතාවයක නිරත වනවා.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල ද රජයට එරෙහිව විරෝධතාවක නිරත වුණා.
ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හොරණ ප්‍රදේශයේ ජනතාව බ්‍රහස්පතින්දා (21) බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.
ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ගම්පහ නගරයේද විරෝධතාවක් පැවැත්වුණා.