ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඉන් 13 දෙනෙකුම ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කල අතර නැවත විවෘත කිරීමට පෙර අනෙක් සේවකයින් පිරිසගේ ඵ්Cර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක විපුල කුමාර මහතා පවසා සිටියා..
මේ අතර හැටන් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
තවද මාවනැල්ල හිඟුල් ඔය හා මහවත්ත ග්‍රාමසේවා වසම් දෙකෙන් ආසාදිත පුද්ගලයන් 87ක් සහ තිරිංගදෙනිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක් හඳුනාගෙන තිබේ.
එමෙන්ම පාදුක්ක සතිපොළ පරිශ්‍රයේ පසුගිය 24 වැනිදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයා, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී අද (26) සොයාගනු ලැබීය.