197 views 0 secs 0 comments

නිරෝධායන රීති උල්ලංඝනය කරන අය තවදුරටත් අත්අඩංගුවට….

In Local News
June 26, 2021

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගතවූ පැය 24 තුළ ඊට අදාළව පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් නිර්ණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වනදා නිකුත් කර තිබූ අතර ඒ අනුව සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, බාර්, එළිමහන් හෝ ගෘහස්ථව පැවැත්වෙන සාද වැනි දෑ පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය. ඒ හේතුවෙන් ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම නිසා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.