66 views 0 secs 0 comments

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්…

In Local News
May 06, 2025

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පස්වරු 10ට පමණ කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකරුගේ දණහිස පහළින් වෙඩි තබා, ඔහු පාලනයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා ඇත.

අදාළ පුද්ගලයා තුවාල සහිතව සීදූව විජයකුමාරතුංග රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිදුවීම සම්බන්ධයෙන් සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.