69 views 0 secs 0 comments

පොලිස් කොස්තාපල්වරයෙකු දිවි නසා ගනී…

In Local News
May 06, 2025

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු, සිය රාජකාරී ගිනි අවිය භාවිතයෙන් අද (06) අලුයම සිය දිවි හානිකරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, අලුයම 5.15ට පමණ එම පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 59ක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු බවද වාර්තා වේ.

පදියතලාව පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.