157 views 0 secs 0 comments

බදාදා දින කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

In Local News
November 14, 2022

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන (16) බදාදා දින පෙරවරු 8.30 සිට කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.