176 views 0 secs 0 comments

හෙට පැය 15ක ජල කප්පාදුවක්..

In Local News
December 01, 2022

අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින (03) දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිවේදනය කර සිටියා.

මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

ජල කප්පාදුව හේතුවෙන් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට උපදෙස් දී සිටී.