68 views 0 secs 0 comments

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්…

In Local News
February 27, 2025

අද (27) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව ධැනුම් දී සිටියා.

එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලබන අතර අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකිබව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටියි.