80 views 0 secs 0 comments

වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීමට තීරණයක්….

In Local News
February 27, 2025

පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති අතර ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු වලදි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටියා.

පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වනු ඇත් අතර උස් බිම් ප්‍රදේශ වලට වරින් වර ජල සැපයිම බිඳ වැටිය හැකි බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

ගංගා ජලයට ලවණ මුසු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදි කළ බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය