Connect with us

Local News

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපානයේ එකඟතාවය…

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී, ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කෙරිණි.

ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ඉසොමතා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා මෙහිදී කියා සිටියේය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විස්ටර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කළේය.

ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුනු අතර නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර සිටියේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු උපදේශක අචාර්ය දුමින්ද හුලන්ගමුව, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී ඔහාෂි කෙන්ජි (Oහශි ඛෙන්ජී, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී මුරතා ෂිනිචි (Mඋරට ෂිනිචී යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්