76 views 0 secs 0 comments

හෙද නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවයක්…

In Local News, Uncategorized
February 27, 2025

මෙවර අයවැය මඟින් අත්තනෝමතික ලෙස දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.

එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බවයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,
අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව ප්‍රකාශ කර සිටියා.

මේ අතර මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බවත් ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බවත් විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කර සිටියා.